About

කුරුණෑගල පුරවරයේ ඓතිහාසික පසුබිමින් තොරතුරු බිඳක්.....

අතීතයේදී ලංකාව රුහුණු, පිහිටි, මායා වශයෙන් බෙදා දැක්වූ අතර, එවකට වයඹ පලාත මායා ප්‍රදේශය ලෙස සලකා ඇත.

වයඹ පලාතේ ප්‍රධාන රාජධානි 04 ක් විය.
 

  • පඩුවස්නුවර
  • දඹදෙණිය

  • යාපහුව
  • කුරුණෑගල

 

හස්තිශෛලපුර යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ලද “කුරුණෑගල” වෑ උඩ විල්ලි හත්පත්තුවේ තිරගන්දහය කෝරළයට අයත් වේ.

කුරුණෑගල” වයඹ පලාතේ ප්‍රධාන අගනුවරයි.

ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක අතුරින් විශාලත්වයෙන් තුන්වන ස්ථානය කුරුණෑගල දිස්ත්‍රික්කයට හිමිවේ. .කි. මී 4816 කි.

පරිපාලන පිහිටීමට අනුව,

  • උතුරින් - අනුරාධපුරය

  • නැගෙනහිරින් - මාතලේ

  • ගිණිකොණින් - මහනුවර

  • දකුණින් - කෑගල්ල හා ගම්පහ

  • බටහිරින් - පුත්තලම

 

යන දිස්ත්‍රික්කයන්ට මැදිව කුරුණෑගල දිස්ත්‍රික්කය පිහිටා ඇත.

කි.1293-1333 දක්වා කාලය තුළ දෙවන බුවනෙකබාහු හා 4වැනි පරාක්‍රමබාහු රජු ද ක්‍රි..1347 දක්වා කාලය තුළ දෙවන බුවනෙකබාහු රජුද ඉන් අනතුරුව 5වන විජයබා රජු විසින්ද කුරුණෑගල සිය රාජධානිය කරගෙන ක්‍රි.. 1398 දක්වා පාලනය ගෙන ගොස් ඇති බව ප්‍රකට වේ

 

 

කුරුණෑගල මහ නගර සභාවේ ආරම්භය ...

කුරුණෑගල නගරය පාලනය සඳහා නගරයේ එවකට පදිංචිව සිටි ප්‍රභූන්ගේ ඒකරාශීත්වයෙන් යුතුව 1880-10-09 දින ප්‍රාදේශීය මණ්ඩලයක් පිහිටුවාගෙන ඇත.එම මණ්ඩලයේ මාර්ග උපදේශකත්වය යටතේ වර්ධනය වූ වඩාත් පැහැදිලිව පිහිටුවා ගන්නා ලද දිස්ත්‍රික් කවුන්සලයක් මඟින් කුරුණෑගල නගරයේ පාලනය 1930–01–01 දින සිට 1939-11-03 දක්වා සිදු කර ඇති අතර කෙසේ හෝ කුරුණෑගල නගරය පාලනය සඳහා ප්‍රථමයෙන් නගර සභාවක් ලෙසට ආරම්භ කර ඇත්තේ 1939-12-01 දින සිටය.1949-01-01 දින කුරුණෑගල නගර සභාව මහා නගර සභාවක් බවට උසස් කර ඇත.

 

කුරුණෑගල නගරය පාලනය කරන ලද නගරාධිපතිවරුන් හා ඔවුන්ගේ පාලන කාලය

 

01 .ආර්. එස්. ද ජයසුන්දර මයා - 1949 ජනවාරි - 1949 දෙසැම්බර්

02 .පී. පියදාස මයා - 1950 ජනවාරි - 1951 දෙසැම්බර්

03 එෆ්.බී. මාකස් මයා - 1952 ජනවාරි - 1954 දෙසැම්බර්

04 ඩී..බී.රත්නායක මයා - 1955 ජනවාරි - 1957 දෙසැම්බර්

05 ඩී.මොන්නෑකුලම මයා - 1957 අප්‍රේල් - 1958 නොවැම්බර්

06 එච්.එල්. ප්‍රේමදාස මයා - 1958 දෙසැම්බර් - 1959 ජනවාරි

07 .එම්.එෆ්. ෂෙරිෆ් මයා - 1959 ජනවාරි - 1959 දෙසැම්බර්

08 ජී.ආර්. වික්‍රමසූරිය මයා - 1959 දෙසැම්බර් - 1960 දෙසැම්බර්

09 එච්.ඩී.එස්.පෙරේරා මයා - 1961 ජනවාරි - 1970 මාර්තු

10 ඩී.බී. වෙලගෙදර මයා - 1970 අප්‍රේල් - 1978

11 නොයෙල්ද සිල්වා සෙනවිරත්න මයා -1979 - අප්‍රේල්-

12 ආරිය බී රැකව මයා - 1979 ජූනි - 1989 ජූනි

13 ස්ටැන්ලි ලෝස් ප්‍රනාන්දු මයා- 1989 ජුනි - 1991 ජුනි

14 ජී.එච්.නිමල් චන්ද්‍රසිරි ද සිල්වා මයා- 1991 ජූලි - 2011 ඔක්තෝබර්

15 අනුරාධ ගාමිණී පෙරමුණගේ මයා- 2011 ඔක්තෝබර් - 2016 ජුනි

16 තුෂාර සංජීව විතාරණ මයා - 2018 මාර්තු 28 -  2022 දෙසැම්බර් 31 

     සුමිත් කුමාර උඩවාසලගේ මයා ( වැඩ බලන නගරාධිපති ලෙස ) - 2023 ජනවාරි 01 -  2023 පෙබරවාරි 05 

17 සුමේධ අරුණ ශාන්ත මයා - 2023 පෙබරවාරි 06 -  2023 මාර්තු 17 

 

කුරුණෑගල මහ නගර සභාවේ නාගරික කොමසාරිස්වරුන්

01 ප්‍රනාන්දු මහතා

02 අර්ඩ්ලි අලවිස් මහතා

03 දොන් දයාපාල ජයසිංහ මහතා

04 ජේ. විකටර් කොරයා මහතා

05 . එම් එදිරිසිංහ මහතා

06 ආර්. එම් කිරිබණ්ඩා රාජගුරු මහතා

07 රිචඩ් උනම්බුව මහතා

08 ටිකිරි බණ්ඩා හේරත් මහතා

09 ආනන්ද ජයතිලක මහතා

11 එච්. එම්. සී දිසානායක මහතා

12 . එම් . පී ඒකනායක මහතා

13 එච් . එන්. එස්. හිරියා පිටිය මහතා

14 එස් . ආර්. සමරකෝන් මහතා

15 ජේ. . ඩී. සී ජයකොඩි මහතා

16 ඩබ්. ඩී. එස්. කාන්ති වේහැල්ල මහත්මිය

17 ජී.කේ.එස් චනද්‍රලතා මහත්මිය

18 ආර්.එම්.ඩබ්.එස්. සමරදිවාකර මහත්මිය

19 ප්‍රදීප් තිලකරත්න මහතා

20 එම්.ඒ.බී.සී.ආලෝක බණ්ඩාර මහතා 

21 අජන්ත ඩයස් ගුණවර්ධන මහතා ( වර්තමාන නාගරික කොමසාරිස් )

 

වර්තමාන තොරතුරු

කුරුණෑගල මහ නගර සභාවේ මේ වන විට සභිකයින් නොමැති අතර නාගරික කොමසාරිස් තුමාගේ අධීක්ෂණය හා මගපෙන්වීම යටතේ ක්‍රියාත්මක වේ 

 

කුරුණෑගල මහා නගර සභාව වෙත පැවරී ඇති වගකීම් පරාසය ඉටු කිරීම පහත සඳහන් නාගරික දෙපාර්තමේන්තු විසින් සිදු කරනු ලබයි.

 

  • නාගරික ලේකම් දෙපාර්තමේන්තුව
  • නාගරික ඉංජිනේරු දෙපාර්තමේන්තුව
  • නාගරික ගිණුම් දෙපාර්තමේන්තුව(ආදායම්)
  • නාගරික ගිණුම් දෙපාර්තමේන්තුව(මූල්‍ය කළමනාකරණ)
  • නාගරික සෞඛ්‍ය දෙපාර්තමේන්තුව
  • නාගරික නීති දෙපාර්තමේන්තුව 
      1. නාගරික ලේකම් දෙපාර්තමේන්තුවේ කාර්යයන්
  • මහා සභාව පැවැත්වීම, කමිටු පැවැත්වීම හා වාර්තා සකස් කිරීම
  • තැපෑල සම්බන්ධ සියළු කටයුතු
  • සියලුම කාර්ය මණ්ඩලයේ පෞද්ගලික ලිපි ගොනු යාවත්කාලීන කිරීම              

  • සියළුම බඳවාගැනීම් හා කාර්යමණ්ඩල වාර්තා සකස් කිරීම
  • මහා නගර සභාව සතු ඉඩම් සම්බන්ධ කටයුතු
  • මානව සම්පත් සංවර්ධනය හා පුහුණු කටයුතු
  • පුස්තකාල, පූර්ව ළමා අධ්‍යාපන, ක්‍රීඩා පහසුකම්
  • දරිද්‍රතාවය පිටු දැකීම සඳහා ප්‍රජා සංවර්ධන
      1. අභ්‍යන්තර විගණන අංශය
  • රාජකාරි කටයුතුවල විනිවිදභාවය ඇති කිරීම සඳහා අභ්‍යන්තර විගණනයන් සිදු කිරීම
  • විගණනය හා වෙනත් විමර්ශන සදහා අවශ්‍ය තොරතුරු සැපයීම හා සම්බන්ධීකරණය
      1. නාගරික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ කාර්යයන්
  • තිරසර නගර සැලසුම්කරණය
  • යටිතල පහසුකම් සංවර්ධනය
  • ජල,  විදුලි පහසුකම් අඛණ්ඩව සැපයීම තුළින් ජනතා ගැටළු අවම කිරීම
  • නගරයේ ස්වභාව සෞන්දර්යය ආරක්ෂා කරමින් හරිත නගරයක් නිර්මාණය කිරීම හා පවත්වාගෙන යාම
  • ආපදා කළමනාකරණ සැලැස්ම ක්‍රියාත්මක කිරීම
      1. නාගරික ගිණුම් දෙපාර්තමේන්තුවේ (ආදායම්) කාර්යයන්
  • නව ආදායම් මාර්ග හඳුනා ගැනීම හා ආදායම් රැස් කිරීම
  • වරිපනම් සම්බන්ධ කටයුතු
  • ජල ගාස්තු මන කියවීම හා අය කිරීම
  • කඩ කුළී, වෙනත් කුළී ආදායම් අය කිරීම
  • විනෝද බදු, දැන්වීම් ආදායම්, පොළ ආදායම් ඇතුළු සියළු ආදායම් එකතු කිරීම
      1. නාගරික ගිණුම් දෙපාර්තමේන්තුවේ (මූල්‍ය කළමනාකරණ) කාර්යයන්
  • වාර්ෂික විසර්ජන ගිණුම හා අවසන් ගිණුම පිළියෙල කිරීම
  • ඇස්තමේන්තු සකස් කිරීම
  • අවශ්‍යතාවය පරිදි ප්‍රතිපාදන ලබාගැනීම
  • මාසිකව බැංකු සැසදුම් වාර්තා සකස් කර ඉදිරිපත් කිරීම
  • මහා නගර සභාවේ සියලුම භාණ්ඩ හා සේවා ප්‍රසම්පාදන කටයුතු සිදු කිරීම
  • වාර්ෂිකව භාණ්ඩ සමීක්ෂණ සැලසුම් කිරීම, පැවැත්වීම හා වාර්තා විගණකාධිපති වෙත ඉදිරිපත් කිරීම
  • මහා සභාව සතු වත්කම් කළමනාකරණය කිරීම
      1. නාගරික සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ කාර්යයන්
  • මහජන සෞඛ්‍ය හා සනීපාරක්ෂාව ප්‍රශස්ත මට්ටමකට ගෙනඒම
  • විධිමත් කසල කළමනාකරණය තුළින් හරිත නගර සංකල්පය ළඟා කරගැනීම
  • බෝවන හා බෝනොවන රෝග නිවාරණය
  • ළදරු හා ළමා සෞඛ්‍ය ප්‍රශස්ත මට්ටමකට ගෙනඒම
  • මාතෘ මරණ අනුපාතය ජාතික දැක්මට ළඟා කරවීම
      1. නාගරික නීති දෙපාර්තමේන්තුවේ කාර්යයන්
  • මහා නගර සභා ආඥා පනත, අනෙකුත් නීතීන්ට සහ අතුරු ව්‍යවස්ථාවන්ට අනුකූලව අවශ්‍ය නෛතිකමය ක්‍රියාමාර්ග සදහා සහය සැපයීම
  • මහා නගර සභාව පාර්ශවකරුවන් බවට පත් කර නඩු පවරා ඇති අවස්ථාවන්හි දී මහා නගර සභාවේ අභිලාෂයන් සාක්ෂාත් කරගැනීම සඳහා කටයුතු කිරීම
  • මහා නගර සභා ආඥා පනතේ පැවරී ඇති බලතල යටතේ ජනතාවගේ සුභ සාධනය සැපයීම සඳහා නීතිමය වශයෙන් කටයුතු කිරීම
  • අතුරු ව්‍යවස්ථා සම්පාදනය මඟින් ජනතාවගේ ගැටළු අවම කිරීම
  • මහා නගර සභාවේ අභ්‍යන්තර නීතිමය ගැටළු අවම කිරීම

මහා නගර සභාවේ සංයුතිය

කුරුණෑගල මහ නගර සභාවේ නාගරික බල ප්‍රදේශය කොට්ඨාශ 12 කින් සමන්විත වේ.

නගර සභා සීමාවට අයත් වසම් නියෝජනය කරන නාගරික මන්ත්‍රීවරුන් ( මේ වන විට සභිකවරුන් පත්වී නොමැත ) 

අනු අංකය

වසම් අංකය සහ වසම

නියෝජනය කරන නාගරික මන්ත්‍රීවරු

01

831 - නගරය උතුර

 

02

832 - ගංගොඩ

 

03

833 - ගැට්ටුවාන

 

04

834 - නගරය ඊශාන

 

05

835 - ගැට්ටුවාන

 

06

836 - තෙලියාගොන්න

 

*

837 - නගරය බටහිර

 

08

838 - ඉලුප්පුගෙදර

 

09

839 - නගරය මධ්‍යම

 

10

840 - කඩ වීදිය

 

11

841 - නගරය දකුණ

 

12

842 - උඩවල්පොල

 


මහ නගර සභාව සතු සම්පත්:-

  • ක්‍රීඩාංගන (මාළිගාපිටිය/වැහැර/මල්කඩුවාව/උඩවල්පොළ )
  • ළමා උද්‍යානය

  • රජපිහිල්ල උද්‍යානය 

  • අවමංගල්‍ය ශාලාව

  • කුරුණෑගල බස් නැවතුම්පොළ  

  • ආදාහනාගාරය

  • කායවර්ධන මධස්ථානය 

  • එළිමහන් රංගපිඨය 

  • මධ්‍යම පොදු වෙළඳපොල ( MC Plaza)

  • නගරශාලාව

  • ප්‍රජා ශාලා

  • ගිලන්රථ/ගලිරථ/ගිනි නිවීමේ රථ/අවමංගල රථ සේවාව
  • කසල කලමනාකරණ මධ්‍යස්ථානය
  • මහජන පුස්තකාලය
  • පෙරපාසැල් හා දිවාසුරැකුම් මධ්‍යස්ථානය
  • වැව රවුම ව්‍යායාම මංතීරු සහ ශරීර සුවතා උපාංග

කුරුණෑගල මහ නගර සභාව විසින් ඉටුකරනු ලබන සේවාවන්:-

  • 1. මාර්ග තැනීම, සංවර්ධනය හා නඩත්තුව
  • 2. ජල පහසුකම් සැපයීම - ජල සම්බන්ධතා ලබාදීම / ජල බවුසරයෙන් ජලය බෙදා දීම
  • 3. සෞඛ්‍ය සේවාවන්
  • 4. ගිලන්රථ සේවා/ගලිරථ සේවා /අවමංගල රථ සේවා
  • 5. පුස්තකාල සේවය/පෙර පාසැල් හා දිවා සුරැකුම් මධ්‍යස්ථානය ලබාදීම
  • 6. උත්සව හා තරඟ සඳහා ක්‍රීඩාංගන /නගර ශාලාව ලබාදීම

මහ නගර සභාවේ ස්ථාවර කමිටු :-

  • 1. ප්‍රජා සංවර්ධනය පිළිබඳ ස්ථාවර කමිටුව
  • 2. සෞඛ්‍ය පිළිබඳස්ථාවර කමිටුව
  • 3. සංවර්ධන හා නඩත්තු කටයුතු පිළිබඳ ස්ථාවර කමිටුව
  • 4. මුදල් පිළිබඳ ස්ථාවර කමිටුව
  • 5. ප්‍රසම්පාදන කමිටුව